Software

අන්තිම තිතටම..........ටියුන් කරන්න
     
 ඔන්න අද මම ඕගොල්ලන්ට අරන් ආවෙ ඕගොල්ලො දන්න දෙයක් ඒත් එක ප්‍රයෝජනවත් විදිහට පාවිච්චිකරනවද කියන එක තමා ප්‍රශ්නෙ? (හිඃ).මෙන්න මේකයි බාන්ඩෙ ටියුන් අප් යුටිලිටිස් (ආපෝ ඕකද?). හරි දැන් මේක දාන්න හේතුව බලමුකො මමත් ලැප්ටොප් කට්ටක් පාවිච්චිකරන කෙනෙක් හැටියට බැටරි එකෙන් වැඩකරන්න පුලුවන් කාලය ගොඩක් වටිනව.ගොඩක් අය ලැප්ටොප් එක පොර්ටබල් විදිහට පාවිච්චි කරන නිසා (ඈ! ලැප්ටොප් හදලතියෙන්නෙ එකටනෙ බොල )බැටරි ලයිෆ් එක අඩු වෙනව ඒ බැටරි බලයෙන්ම වැඩකරනකොට හොඳෙ.අනික ගොඩක් අයගෙ ඩැස්ක්ටොප් එක තොරන වගේ හයි රෙසලුශන් එකක් තියෙන ග්‍රැෆික් දාගෙන වින්ඩෝස් ග්‍රැෆික් ෆුල් දාගෙන වැඩකරනව.අපි මුලින්ම දැනගන්න ඕනෙ ලැප්ටොප් එකක් තියෙන්නෙ හදල තියෙන්නෙ මොනවටද කියල.මුලික වශයෙන්ම ඕක හදල තියෙන්නෙ ඔෆීසියෙ වැඩ ගෙදර ගෙනත් කරන්න,යන යන තැන වැඩකරන්න වගේ වැඩවලට.ඒත් ඉතින් අපේ උන්දැල අලුත් ලැප් කට්ටක් ලැබුනම ගස් ගල් උඩ,වහලවල් උඩ,බෝක්කු උඩ ඕකෙ තියෙන ගැජට් බැජට් ඔක්කොම දාගෙන වැඩ දානව.ඕකෙ අවසාන ප්‍රතිපලේ තමා පැය 3ක් 5ක් විතර තිබ්බ බැටරි ලයිෆ් එක පැයට එකහමාරට බහින එක තමා වෙන්නෙ.ඒක නිසා ඕගොල්ලන්ටත් ලැප්ටොප් තියෙනවනම් පුලුවන්තරම් ප්ලග් කරල වැඩකරන්න බලන්න.දැන් ආයෙත් මාතෘකාවට,මම මේච්චර වෙලා කියපු ප්‍රශ්ණ වලින් පොඩ්ඩක් හරි ගොඩ එන්න සුපිරි භාන්ඩයක් මේක,මේකෙදි ඕගොල්ලන්ට මට්ටම් 3ක පරිගණකය පාවිචි කරන්න පුලුවන් ඒ වගේම ඒ සැම මට්ටමක්මදීම එම මට්ටමට අදාල උප කොටස් අපි සබ් සෙටින්ග්ස් කියල කියමුකො ඒවත් තමන්ට අවශ්‍යතාව අනුව වෙනස් කරගන්න පුලුවන්.තව මේකෙදි අපිට අපි අන්තර්ජාලය භාවිතාකරන්න ගන්න කනෙක්ෂන් ටයිප් එක අනුව පරිගණකයේ සෙටින්ග්ස් හදන්නත් පුලුවන්.මේක ගැන කියන්නනම් කතා කෝටියයි.ලේසිම දේ තමා මේක බාගත කරල පාවිච්චිකරන එක.---- අඃ කියන්න අමතක උනානෙ මේකෙ ෆුල් ටයිම් (අවු 1) ගන්න යම් මුදලක් ගෙවන්න වෙනව (හපොයි ) ප්‍රශ්නයක් කරගන්න එපා ට්‍රයල් එක බාගතකරල සීරියල් කී එකක් හොයල පෙස්ට් කරගන්න අවුලක් නෑ ----
සැ:යු- තිත් ඉරි ඇතුලෙ තියෙන එව්ව කාටවත් කියන්න එපා මම ගස් XD
www.tune-up.com

★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★


මෙන්න අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් 
මම අද ඕගොල්ලන්ට ගෙනාවෙ අද ගොඩක් අය හොයන ලිමිටඩ් පැකේජ් අන්ලිමිටඩ් කරන ක්‍රමවලින් සාර්ථකම ක්‍රමයක් අරගෙන.මේක කියවල හිත රිදවගන්න කලින් මේ අවම පහසුකම් ටික ඔයාට තියනවද කියල බලන්න
1-පොස්පේඩ් පැකෙජ් එකක් වියයුතුයි
2-පැකේජ් එක ඩෙටා ලිමිට් පැන්නට පස්සෙ ස්පීඩ් එක ලිමිටඩ් වෙන පැකේජ් එකක් විය යුතුයි (ඩයලොග් නම් රු 690 පැකේජ් එකෙන් උඩ )
3-පැකේජ් එකේ ඩේටා ලිමිට් පැනල නොතිබියයුතුයි
මම උඩ අර විදිහට කිව්වට මේ පැකේජ් නැති අය වුනත් මේක කියෙව්වට කමක් නෑ
මෙහෙමයි වැඩේ වෙන්නෙ.
1. මුලින්ම මොබයිල් පාර්ට්නර් එකෙන් අලුත් කනෙක්ෂන් එකක් (ප්‍රොෆයිල් එකක් ) හදා ගන්න ඩයල් අප් නම්බර් එක විදිහට *99# ලබදෙන්න ඉල්ලුවොත් විතරක් (ඒක ඉතින් දන්නව කියල හිතනව )
2.දැන් ඒකෙන් නෙට් ගිහින් ආයිත් ඩිස්කනෙක්ට් කරන්න (සෙටින්ග්ස් වෙනස් කරන්න යන්න එපා! )
3.දැන් කොන්ට්‍රෝල් පැනල් එකේ නෙට්වර්ක් ඇන්ඩ් ඉන්ටෙර්නෙට් කියන එකට යන්න

4.දැන් නෙට්වර්ක් ඇන්ඩ් ශෙයාරින්ග් සෙන්ටෙර් කියන එක ක්ලික් කරන්න.
5.දැන් ඒ වින්ඩෝ එකේ වම් පැත්තෙ තියන කන්ට්‍රෝල් පැනල් හෝම් කියන එකට එකක් යටින් තියෙන චේන්ජ් ඇඩැප්ටර් සෙටින්ග්ස් ක්ලික් කරන්න.
6.හරි දැන් පෙනෙන්නෙ පරිගණකයේ තියන කනෙක්ෂන් ටික,ඒකෙන් ඔයා මොබයිල් පාට්නර් වල හදපු කනෙක්ෂන් එක රයිට් ක්ලික් කරල ප්‍රොපර්ටීස් තෝරන්න.
7.ඊට පස්සෙ ඒකෙ තියෙන නෙට්වර්ක් ටැබ් එක ක්ලික් කරල internet protocol version 4(TCP/IPv4) තෝරල ප්‍රොපටීස් තෝරන්න.
8.දැන් Preferred Dns Server කියන තැන 208.67.222.222 විදිහටත්
Alternate Dns Server කියන තැනට 208.067.220.220 විදිහටත් එඩිට් කරන්න
9.දැන් ඩෙස්ක්ටොප් එකේ පල්ලෙහා දකුණු පැත්තෙ තියෙන මොනිටර් එකක අයිකන් එක (නෙට්වර්ක් අයිකන් එක ) ක්ලික් කරල ඔබ සාදාගත් ප්‍රොෆයිල් එක ක්ලික් කර කනෙක්ට් ක්ලික් කර අන්තර්ජාල සබඳතාව ලබාගන්න
----------කිසිවිටෙක නැවත නෙට් යාමට මොබයිල් පාර්ට්නර් මෘදුකාංගය භාවිතා නොකරන්න වග බලාගන්න-----------
මේක වටිනවනම් යාළුවන්ටත් බලන්න Share කරන්න.මේ වගේ තවත් පෝස්ට් ලබාගන්න අපේ facebook page එක වන http://www.facebook.com/pages/DDR-Lanka/451745468179525 හා Facebook group එක වනhttp://www.facebook.com/groups/487898547887350/ Like කරන්න.

★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★


ලොක්ඩ් ඩොන්ගල් එක ඇනයක්ද? මෙන්න අඬු මිටියක් ඒක 

ගලවගන්න






  ඔබටත් ඔබේ LOCKED ඩොන්ගල් එක ඇනයක්ද?COUNTRY LOCK කරපු HUWAWI හරි ZTE හරි phone එකක් තියෙනවද?මෙන්න විසදුම.සැ.යු:-ඩොන්ගල් එකට UNSUPPORT කරන ACTIVE SIM එකක් දාල වැඩෙ පටන්ගන්න.http://www.dc-unlocker.com/




★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★


ඔය සූම් කරනකොට බොඳවෙන එව්ව මෙහෙට එකතුකරගත්තනං.....


ඔගොල්ලො ගාව තියෙනව ඇති පොටෝ එහෙම අඩු පික්සල් ගානක් තියෙන,එහෙමත් නැත්තම් සූම් කලාම බොඳවෙලා අවශ්‍ය දේ හරියටම බලාගන්න බැරි ඉතින් මේකට පොටෝ එකක් ගොඩක් සූම් කරල බලන්න පුලුවන් ගැජට් එකක් තමා මේ.මම මේක ගැජට් එකක් කිව්වෙ මේක වැඩකරන්න නම් පොටොශොප් තියෙන්න ඕනෙ(හුටා!) මේක පොටොශොප් තියෙන මැසිමක ඉන්ස්ටෝල් කලාම පොටොශොප් වල ෆිල්ටර්ස් වල යටම මේක පෙන්නනව ඔගොල්ලො දන්නවද?(ඇහ්!) මේකෙං පොටෝ එකක් 2500 ගුණයක් සූම් කරන්න පුලුවන්,මරුනෙ.මේකෙ රහස තමා ගූගල් අර්ත් වල තියෙන්නෙ ඒ ගැන වෙන ලිපියකින් කියන්නම් දැං ඔය සූම් කලාම බොඳවුනු එව ටික එකතු කරන් සූම් කරල බලන්න ලැහැස්ති වෙන්නකෝ!
මෙන්න ලින්ක් එක
http://www.alienskin.com/blowup/


★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★


පටස් ගාල ප්‍රොෆෙශනල් ස්ලයිඩ් ශෝ එකක් හදන්න 

ටස් ගාල ප්‍රොෆෙශනල් ස්ලයිඩ් ශෝ එකක් හදන්න ලේසිම
 විදියwww.ashampoo.com ->Ashampoo slideshow studio HD


★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★

ගේම් එකෙන් මූවි එකක් හදමුද?









ඔයා ආසම පීසී ගේම් එකෙන් මූවි එකක් හදන්න ආසද?මෙන්න ක්‍රමයක්,ඔයා ප්ලේ කරන ගේම් එක රෙකෝඩ් කරගන්න හොඳම ක්‍රමේwww.wegame.com



★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★



0 comments:

Post a Comment