Tuesday, January 8, 2013


            මම මුල ඉඳන්ම කිව්වට බිංදුවෙ ඉඳන්ම කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ මොකද වයර් 2ක් අමුනගන්න,ධන~සෘණ හරියට බලල විදුලිය උපකරණයකට ලබාදෙන්න වගේ දේවල් ඕගොල්ලො දන්නව කියල හිතනව.මේක ශුද්ධ සිංහලෙන් කියල දෙන්න අමාරුයි(ටයිප් කරන්න එපා වෙනව ) ඒක නිසා සිංග්ලිශ් භාශාවෙන් තමා මේක ලියන්න වෙන්නෙ
හරි දැන් පටන් ගමු...ඉස්සෙල්ලම Components එහෙමත් නැත්තම් සංරචක හඳුනගමු

    ප්‍රතිරෝධක

සාමාන්‍ය සරල ඉලෙක්ට්‍රොනික පරිපථවල දෙවෙනියටම කුඩාම component  (කුඩාම සංරචකය ඩයෝඩ වර්ගයකි ඉදිරියෙදි කියන්නම්)හරස් අතට වර්ණ ඉරි 4ක් සහිත එකකි.මේවා විදුලි සැපයිමට ප්‍රතිරොධයක් ඇතිකිරීමට භාවිතාකරයි.මෙහි අගය ඕම් (Ω) මගින් ගණනය කරයි .
Resistor h wikisch.svg

ⓐ   ─███─                                     ⓑ        ─▊▊▊▊▊─                         ⓒ                                            
                                                                           ↑  ↑ ↑  ↑                                                                            
                                                                           1  2 3  4
  a  හා b  මගින් Resistor වල සංඛේත පෙන්වන අතර c  මගින් Resistor එකෙහි වර්ණ පටි පෙන්වයි . මේකෙ පලවෙනි පටි තුනෙන් මෙහි අගය පෙන්වන අතර හතරවන පටියෙන් එහි උත්ප්‍රේක්ෂා ( Tolerance ) අගය 
පෙන්වයි. 

මුලින්ම මම b විදිහට නම් කරපු පාට 4ක් තියෙන රූප සටහන බලන්න ඒකෙ පලවෙනි වර්ණ 3 වන කහ,දම්,තැඹිලි වර්ණ සලකා බලන්න දැන් පලමු පාට 2කේ අගය සොයන්න කහ-4යි,දම්-7යි මේ දෙක 47(හතලිස් හත ) විදිහට සලකන්න ඊලඟට 3වන පටියේ පාට බලන්න ඒ තැඹිලි පාට ඒකෙ අගය 3යි දැන් අර 47 අගට තැඹිලි පාටට පිලිතුර 4 නිසා බිංදු 4ක් දාන්න එහෙම කරන්නෙ තුන්වන පටියෙන් දහයෙ ගුණාකාර පෙන්නන නිසා .ඒක නිසා තුන්වන පටියෙ පිලිතුර දහයෙ ගුණාකාරයක් විදිහට වැඩිකරන්න ඕනෙ මම උඩ කරපු දේම රූප සටහන්වලින් පෙන්වන්නම් 

  මුලින්ම වර්ණ පටිවල අගයන් ගැන දැනගමු    

     දැන් කොහොමද ගණනය කරන්නෙ?



දැන් ඕගොල්ලන්ට රෙසිස්ටර් එකක අගය මනින්න පුලුවන් කියල හිතෙනව තවත් ලිපියකි හමුවෙමු



0 comments:

Post a Comment