Tuesday, January 8, 2013

eBay Buying



  Account හදමු
   
       
     ඊබේ වල ප්‍රධාන පැති 2ක් තියනව ඒ මිලදී ගැනීම හා විකිණීම මම මුලින්ම ඊබේ එකවුන්ට් එකක් හදාගන්න හැටි කියන්නම් ඉස්සෙල්ලම ඊබේ එකෙන් බඩුවක් ගන්න පුලුවන් එකවුන් එකක් හදන ක්‍රමය බලමු
මේකට ප්‍රධාන වශයෙන් මේව ඕනෙ කරනව
1-ඊබේ ගිණුමක්
2-වීසා හෝ මාස්ටර් කාඩ් එකක්
3-පේ පෑල් ගිණුමක්.
මේකෙන් ඉස්සෙල්ලම ඕනෙ විසා කාඩ් එකක් දැනට HNB,Sampath,Commarcial බැංකු වලින් නිකුත්කරන කාඩ් ප්‍රචලිතයි එයිනුත් HNB කාඩ් එකට සේවා ගාස්තු වාර්ශිකව අයකරන්නෙ නෑ ඒක නිසා ඒක ලාභදායී.මුලුන්ම රු 300ක් වගේ මුදලක් ගෙවල කාඩ්පටකට අයදුම්කරන්න (ජංගම හෝ ඉතිරිකිරීමේ  ගිණුමක් තිබිය යුතුයි ) ඒ ගමන්ම ඉන්ටර්නෙට් බෑන්කින්ග් වලටත් අයදුම් කරන්න (අනෙක් බැංකු සේවා ගැන හරියටම දන්නෙ නෑ) දවස් 5ක් 7ක් (වැඩකරන ) වගේ කාලයකදි කාඩ්පත ලබාගන්න ලියුම ඒවි.ඒකත් අරන් බැංකුවට ගිහිල්ල කාඩ්පත ලබාගෙන කාඩ් පත සක්‍රීය කරගන්න කරන විදිහ ඒගොල්ලො කියාවි .ඊට පස්සෙ 2වෙනි පියවර

දෙවෙනි පියවර විදිහට අපි පේපෑල් එකවුන්ට් එකක් හදාගන්න ඕනෙ ඒකට අලුතෙන් ඔයාගෙ සත්‍ය තොරතුරු දාල හදපු ඊ මේල් එකක් (මෙය ජංගම දුරකතන අංකය යොදා වෙරිෆයි කර තිබිය යුතුයි ) හදාගෙන පේපෑල් එකටත් සත්‍ය තොරතුරුම ඇතුලත් කරන්න රට විදිහට ශ්‍රි ලංකාව ලබා දෙන්න.ලිපිනයට පදින්චි ලිපිනය ලබාදෙන්න ඒ සමහර ඊබේ වෙලඳුන් භාණ්ඩ වල ආරක්ෂාවට භාන්ඩ එවනු ලබන්නෙ එම ලිපිනවලට පමනි.මේව ලේසියෙන්ම කරගන්න ඇති කියල හිතනව දැන් මේක වෙරිෆයි කරගන්න ඔනෙ  ඒකෙදි ඔගොල්ලන්ගෙ බැංකු ගිණුමෙ රු500ක් විතර තියෙන්න ඕනෙ.දැන් වෙරිෆයි දිස් එකවුන්ට් කියල ඇති නැත්තම් හෝම්>ප්‍රොෆයිල් ගිහින් ඇඩ්/චේන්ජ් ක්‍රෙඩිට් කාඩ් කියන එකෙන් ගිහින් කාඩ් එක ඇඩ් කරන්න එතකොට කාඩ් එක වෙරිෆයි කරන්න $ කිහිපයක් අයකරනව මෙහෙම කරන්නෙ ආරක්ෂක හේතුන් මත අපි මේකට කැමැත්ත පලකරල ඉදිරියට ගියාම කියනව වෙරිෆයි කෝඩ් එක ඇතුලත් කරන්න කියල සාමාන්‍යෙන් පැය 48කින් බැංකුවට මේ කෝඩ් එක එනව දවස් 2කට පස්සෙ කාර්ඩ් සෙන්ටට් කතාකරල (කාඩ් සෙන්ටර් අංකය වීසා කාඩ් එකෙ පිටිපස්සෙ යටටම වෙන්නට ඇත )ඕගොල්ලන්ගෙ ආනන්‍යතාව තහවුරු කරල අංකය ඉල්ලගන්න.ආයෙත් පේපෑල් ලොග් වෙලා පරන ක්‍රමයටම කාඩ් එක ඇඩ් අර තැනට ගොස් වෙරිෆයි කාඩ් යන්න ක්ලික් කර බැංකුවෙන් ලබාගත්  කෝඩ් එක සටහන් කර කන්ෆර්ම් කරන්න.දැන් ඔබට කලින් අයකරගත් $ කිහිපය නැවත බැංකු ගිණුමට බැරවේ(මෙය නැවත බැංකු ගිනුමේ පෙන්වීමට දින5ක් පමන ගතවේ,ලැබෙන රී ෆන්ඩ් ද එලෙස දින 5කින් පමන ගිණුමේ පෙන්වයි ) දැන් 3වන පියවර

දැන් අපි ඊ බේ ගිනුමක් හදාගමු මේකෙත් සාමාන්‍ය එකවුන්ට් එකක් හදන විදිහටම හදන්න සත්‍ය තොරතුරු ලබාදෙන්න.පේමන්ට් මෙතඩ් එකට පේ පෑල් එකවුන්ට් එකේ අංකය වන පේපෑල් හැදීමේදී භාවිතාකල ඊ මේල් එකවුන්ට් එකේ නම ලබාදෙන්න ( උදා - abcdefg@abc.com ).දැන් හරි දැන් ඔබේ ඊබේ ගිණුම සූදානම්.

0 comments:

Post a Comment