Sunday, January 6, 2013

මේ ගැන කලින් අවධානය යොමුකලාද?

මේ ගැන කලින් අවධානයයොමුකලාද?


කට්ටියටම ආයුබෝවන්!

මම අද කතාකරන්න හිතන් ඉන්නෙ ඕගොල්ලන්ගෙ කොම්පියුටරේ විශේෂයෙන් ඩෙස්ක්ටොප් කොම්පියුටරේ කාර්යක්ෂමතාව වැඩිකරගන්න පොඩි ටිප්ස් ටිකක් සමහර ඒවගැනනම් ඕගොල්ලො අවදානය යොමු නොකරන බවනම් මම හොඳටම දන්නව 


1-ගොඩක් අය මැසින් එක,සීපීයු එක කියන සිස්ටම් යුනිට් එක තියල තියෙන්නෙ කොම්පියුටර් ටේබල් එකේ ගානට මුල්ලට සෙට් වෙන්න ගොඩක් කොම්පියුටර් ටේබල් නිශ්පාදකයොත් හිතන්නෙ SU(සිස්ටම් යුනිට් හොඳෙ ) තියන්න ඉඩතිබ්බොත් ඇති කියල.සාමාන්යෙන් පොඩි ටේබල් වල SU එක තියන්නෙ යට දකුණු පැත්තෙ.පිටිපස්සෙන් වයර් ටික එලියට පන්නල ගානට SU එක ටේබල් එකෙ එක පැත්තකට හේත්තු කරන එක තමා කරන්නෙ.

මේකෙන් වෙන්නෙ සාමාන්යෙන් SU එකෙ වම් පැත්තෙ තියන කූලින් ෆෑන් එක හරි SU එක ඇතුලට හුලන් එන්න තියන හිල් හිල් තියන පැත්ත බ්ලොක් වෙන එකයි.ඒකෙන් තමා ගොඩක් වෙලාවට ඇතුලට සිසිල් වායුව එලියට ඇදලගන්නෙ.ඕන්නම් ටෝච් එකක් හරි ගහල බලන්න ඔය දැල් අස්සෙන් ප්‍රොසෙසරේ පේන්නැද්ද කියල හිඃ.ඉතින් මේක පිටිපස්සෙනුයි පැත්තෙනුයි(වමෙන්) අඟල් 5-6 වත් ඉඩ හදාගන්න පුලුවන්නම් ගොඩ :ඩී දැන් මගෙන් අහන්න එපා එක කොහොමද කරන්නෙ කියල පුලුවන් විදියට එහෙමෙහෙ කරගන්න.

2-SU එක වැඩකරන කොට ඒ කිව්වෙ කොම්පියුටොරෙන් වැඩ කොරනකොට ඔය වින්ඩොස් වල තියන ටාස්ක් මැනේජර් ගැන කස්ටිය දැනන් හිටියට එකෙන් වැඩක් ගන්නෙ නෑනෙ.ගොඩන් එකේක ඒව අන්තර්ජාලයෙන් බාන අයගෙ මැසිමට වයිරස් එන්න බැරි නෑනෙ.ඉතින් මෙහෙම එව්ව තියනවද හොයගන්න පුලුවන්(හැම වෙලේම බෑ හොඳෙ )තැනක් තමා මේ ඇහ් ඒ කොහොමද? මෙහෙමයි ටාස්ක් මැනේජර් එකෙන් පෙන්නනව දැනට පරිගණකය තුල ක්‍රියාත්මක වන වැඩසටහන් ඒ අතර නුහුරු අමුතු නම් එහෙම තියනවනම් ඒකෙ පබ්ලිශර්ව බලන්න වින්ඩොස් නෙවෙයි නම් බය නැතුව ඒක සිලෙක්ට් කරල පල්ලෙහ තියන එන්ඩ් ටස්ක් කියන එක ක්ලික් කරන්න (ඔගොල්ලන්ට අතපසුවීමකින් වින්ඩොස් එකක් එන්ඩ් ටස්ක් උනොත් සමහර වෙලාවට ඩිස්ප්ලේ එක කලු වෙන්න පුලුවන් එතකොට තියෙනෙ රීස්ටාර්ට් පාරක් දාන්න හොඳෙ.ඔගොල්ලො මේකෙදි කරන වෙනස්කම් පවතින්නෙ පරිගණකය වැඩකරන කාලසීමාව තුල පමනයි.ඉතින් මෙක හැමදාම වෙනස්කරකර ඉන්න අකමැතිනම් SU එක සට්ඩවුන් නොකර ස්ලීප් කොරල තියන්න(එක්ස් පී වල පරිගණකයේ විදුලිය විසන්ධි කලාම දොයි(ස්ලීප් හොඳෙ ) කරනකොට තිබ්බ එව්ව නැතිවෙනව ඒත් වින්ඩෝස් 7 වල දොයි කරල විදුලිය විසන්ධි වෙලා හරි කරල හරි ආපහු ඉස්ටාට් කොරනකොට අහනව රීසම් කොරන්නද?රී ස්ටාට් කොරන්නද කියල (මේ දොයි කිරිල්ල එච්චරම හොඳ නෑ හාඩ් එකට ඒ ගැන ඉදිරි ලිපියකින් කියන්නම්) රීසම් කරන්න කිව්වහම දොයි කරන්න කලින් තිබ්බ වැඩසටහන් ආයිත් එනව (ගොඩක් වෙලාවට දොයි කරල තිබ්බාම ආයි ස්ටාට් කරනකොට රීසමින් වින්ඩොස් කියලම තමා පටන්ගන්නෙ ) අහ් කියන්න අමතක උනානෙ ටාස්ක් මැනේජර් ශොට් කට් එක තමා Ctrl + Alt + Del හරිනෙ :)

3-ඕගොල්ලො කොම්පියුටරේ පාටිශන් කිහිපයක් භාවිතාකරනවනම් සිස්ටම් පාටිශන් ඒ කියන්නෙ මෙහෙයුම් පද්ධතිය තියෙන පාටිශන් එක විදිහට ටිකක් ඉඩ තියෙන එකක් තොරගන්න ඔනෙ ඒ වගේම ගෙගාබයිට් කිහිපයක ඉඩ තියාගන්න(ෆ්‍රී ස්පේස්) ගොඩක් හොඳයි

ඕගොල්ලො ගොඩක් අය මේ ගැන හොඳට දන්නව ඒත් මේ ගැන කලින් අවදානය යොමුකරල තියෙනවද?

0 comments:

Post a Comment