DDR Lanka

ddrlankan.blogspot.com

DDR Lanka

ddrlankan.blogspot.com

DDR Lanka

ddrlankan.blogspot.com

DDR Lanka

ddrlankan.blogspot.com

DDR Lanka

ddrlankan.blogspot.com

Sunday, January 13, 2013

සංගෘහිත පරිපථ  Intergrated circuits (IC)


   සංගෘහිත පරිපථ අද වනවිට කුඩා සිලිකන් චිපයකට ඇතුලත්කල උපාංග වලින් සමන්විත වුවත් ඔබට බොහොවිට සොයාගත් රූප සටහනක් මගින් හෝ වෙනත් ක්‍රමයකින් ලැබෙන පරිපථ සටහන්වල ඇත්තේ දැනුදු භාවිතාකරන එහෙත් සරල අඩු පාද සංඛ්‍යාවක් අති චිප වේ.මේවායේ ක්‍රියාකාරිත්වය සීමාසහිත වේ නමුත් ප්‍රෝග්‍රෑමබල් අයි.සී (PIC) එකක අවශ්‍යතාව අනුව  විශාල input හා out put ප්‍රමාණයක් හසිරිවිය හැකි විශාල පාද සංඛ්‍යාවක් තිබෙන සංගෘහිත පරිපත වේ.මේ විදියට බෙදෙන IC වල සරල ආකෘතියක් පහත දැක්වේ


ප්‍රධාන වශ‍යෙන්ම මේ ගැන තමා දැනගන්න ඕනෙ මීට අමතරව කලින් කියපු උපාංග වලට අමතරව තව ඒවගෙම ප්‍රභේධ කිහිපයක් තියනව තව පොඩි උපකරන ටිකක් තියනව එව්ව ගැන ඉස්සරහට කියන්නම් දැන් අපි කලින් හඳුනගත්ත ප්‍රධාන උපාංග කිහිපය පරික්ෂාකරල වැඩද බලන විදිහ කියල දෙන්නම්

Saturday, January 12, 2013


ට්‍රාන්සිස්ටර් Transistor

අර්ධ සන්නායකයක් වන ට්‍රාන්සිස්ටරය මගින් විදුලිය වර්ධනය කරන අතරම ස්විචයක් වශයෙනුත් කටයුතු කරනව.ට්‍රාන්සිස්ටර් එකක පාද 3ක් තියනවනෙ.ඒකෙන් 2ක් ධන හා සෘණ අග්‍ර වශයෙනුත් අනිත් අග්‍රය පාදම වශයෙනුත් ක්‍රියාකරනව මේ නිසා මේකෙන් ඇතුල් කරන බලයට වඩා නිකුත්කරන්න පුලුවන්.දැන් බලමු ට්‍රාන්සිස්ටරයක අග්‍ර හඳුනාගන්න හැටි 



Thursday, January 10, 2013


ධාරිත්‍රක Capacitor 

ධාරිත්‍රක පරිපථවල විදුලිය රඳවා ගන්න භාවිතාකරනව .මේව සෙරමික්,ටැන්ටලූම් ,ඉලෙක්ට්‍රොලයිටික්,වායු ධාරිත්‍රක හා පොලියෙස්ටර් වගේ වර්ගවලින් තියනව මෙව්වගෙන් ඉලෙක්ට්‍රොලයිටික් ධාරිත්‍රකවල ධාරිතාව වැඩි අතර රේඩියෝවල ( රේඩියෝවල ටියුනින්ග් කන්ඩෙන්සර් එක ) භාවිතාවන වායු ධාරිත්‍රකවල ධාරිතාව සාපේක්ෂව අඩුය



  ධාරිත්‍රක වර්ග




ධාරිත්‍රක අගය 
මම කලින් රෙසිස්ටර් වලදි දුන්න විදිහටම තමා මේවගෙ ගුණිතයත් තියෙන්නෙ එකම වෙනස ඕම්ස් (Ω) වෙනුවට ෆැරඩ් (F) නම් ඒකකය භාවිතා වීමයි.
රෙසිස්ටර් අගයන් ගුණිතය 
මෙහි Ω යන්න F ලෙස භාවිතා කිරීමෙන් ධාරිත්‍රකවල අගය දැක්විය හැක

ධ්‍රැව නොමැති ධාරිත්‍රයක අගය මැනීම



Wednesday, January 9, 2013

ඩයෝඩ Diodes


ඩයෝඩ Diodes


ඩයෝඩ කියන්නෙත් ඉලෙක්ට්‍රොනික් වලදි නැතුවම බැරි උපාංගයක් මේක බහුල වශයෙන්ම ධාරවක් එක පැත්තකට විතරක් යවන්න (ආයෙත් රිටන් එන්නෙ නැතිවෙන්න, මේක ගොඩක් වෙලාවට ඩී.සී මෝටර් භාවිතාකරල කරන නිර්මාන වලට අනිවාර්යයෙන්ම යොදනව මොකද මොටරයත් හරියටම ටර්බයින් එකක නැත්තම් ඩයිනමෝ එකක් වගේ. විදුලිය දුන්නම කැරකෙන මොටරේ අනිත් පැත්ත තමා එව්වගෙ වෙන්නෙ, ඒ කියන්නෙ කැරකුනාම විදුලිය එනව,ඕගොල්ලො ටිකක් ප්‍රබල මෝටර් භාවිතාකරනකොට දැකල ඇති විදුලිය විසන්ධි කලත් ටිකක් කැරකෙනව ඉතින් මේ කැරකීම නිසා විදුලියක් මෝටරය තුල උත්පාදනය වෙලා ඒකට සම්භන්ධ වයර් දිගේ විදුලිය ගලනව මේ  වෙලාවට සංවේදී උපාංග වන සංගෘහිත පරිපත,ට්‍රාන්සිස්ටර් වගේ එව්ව පිච්චෙනව ඒක නිසා ඩයෝඩයත් ඉතා වැදගත් )භාවිතා කරන උපාංගයක් මේකෙ වර්ග විදිහට සාමාන්‍ය රෙක්ටිෆියර් ඩයෝඩ එහෙමත් නැත්තම් සෘජුකරන ඩයෝඩ,අපි එදිනෙදා භාවිතාකරන එල්.ඊ.ඩී බල්බ,නිතරම මෙම ක්ශෙස්ත්‍රයේ භාවිතාවන (Z)සෙනර් ඩයෝඩ, ආලෝක සන්නයන ඩයෝඩ හා සිග්නල් ඩයෝඩ හැඳින්විය හැක

ඩයෝඩයේ අග්‍ර හඳුනාගැනීම


Tuesday, January 8, 2013

eBay Buying



  Account හදමු
   
       
     ඊබේ වල ප්‍රධාන පැති 2ක් තියනව ඒ මිලදී ගැනීම හා විකිණීම මම මුලින්ම ඊබේ එකවුන්ට් එකක් හදාගන්න හැටි කියන්නම් ඉස්සෙල්ලම ඊබේ එකෙන් බඩුවක් ගන්න පුලුවන් එකවුන් එකක් හදන ක්‍රමය බලමු
මේකට ප්‍රධාන වශයෙන් මේව ඕනෙ කරනව
1-ඊබේ ගිණුමක්
2-වීසා හෝ මාස්ටර් කාඩ් එකක්
3-පේ පෑල් ගිණුමක්.
මේකෙන් ඉස්සෙල්ලම ඕනෙ විසා කාඩ් එකක් දැනට HNB,Sampath,Commarcial බැංකු වලින් නිකුත්කරන කාඩ් ප්‍රචලිතයි එයිනුත් HNB කාඩ් එකට සේවා ගාස්තු වාර්ශිකව අයකරන්නෙ නෑ ඒක නිසා ඒක ලාභදායී.මුලුන්ම රු 300ක් වගේ මුදලක් ගෙවල කාඩ්පටකට අයදුම්කරන්න (ජංගම හෝ ඉතිරිකිරීමේ  ගිණුමක් තිබිය යුතුයි ) ඒ ගමන්ම ඉන්ටර්නෙට් බෑන්කින්ග් වලටත් අයදුම් කරන්න (අනෙක් බැංකු සේවා ගැන හරියටම දන්නෙ නෑ) දවස් 5ක් 7ක් (වැඩකරන ) වගේ කාලයකදි කාඩ්පත ලබාගන්න ලියුම ඒවි.ඒකත් අරන් බැංකුවට ගිහිල්ල කාඩ්පත ලබාගෙන කාඩ් පත සක්‍රීය කරගන්න කරන විදිහ ඒගොල්ලො කියාවි .ඊට පස්සෙ 2වෙනි පියවර

දෙවෙනි පියවර විදිහට අපි පේපෑල් එකවුන්ට් එකක් හදාගන්න ඕනෙ ඒකට අලුතෙන් ඔයාගෙ සත්‍ය තොරතුරු දාල හදපු ඊ මේල් එකක් (මෙය ජංගම දුරකතන අංකය යොදා වෙරිෆයි කර තිබිය යුතුයි ) හදාගෙන පේපෑල් එකටත් සත්‍ය තොරතුරුම ඇතුලත් කරන්න රට විදිහට ශ්‍රි ලංකාව ලබා දෙන්න.ලිපිනයට පදින්චි ලිපිනය ලබාදෙන්න ඒ සමහර ඊබේ වෙලඳුන් භාණ්ඩ වල ආරක්ෂාවට භාන්ඩ එවනු ලබන්නෙ එම ලිපිනවලට පමනි.මේව ලේසියෙන්ම කරගන්න ඇති කියල හිතනව දැන් මේක වෙරිෆයි කරගන්න ඔනෙ  ඒකෙදි ඔගොල්ලන්ගෙ බැංකු ගිණුමෙ රු500ක් විතර තියෙන්න ඕනෙ.දැන් වෙරිෆයි දිස් එකවුන්ට් කියල ඇති නැත්තම් හෝම්>ප්‍රොෆයිල් ගිහින් ඇඩ්/චේන්ජ් ක්‍රෙඩිට් කාඩ් කියන එකෙන් ගිහින් කාඩ් එක ඇඩ් කරන්න එතකොට කාඩ් එක වෙරිෆයි කරන්න $ කිහිපයක් අයකරනව මෙහෙම කරන්නෙ ආරක්ෂක හේතුන් මත අපි මේකට කැමැත්ත පලකරල ඉදිරියට ගියාම කියනව වෙරිෆයි කෝඩ් එක ඇතුලත් කරන්න කියල සාමාන්‍යෙන් පැය 48කින් බැංකුවට මේ කෝඩ් එක එනව දවස් 2කට පස්සෙ කාර්ඩ් සෙන්ටට් කතාකරල (කාඩ් සෙන්ටර් අංකය වීසා කාඩ් එකෙ පිටිපස්සෙ යටටම වෙන්නට ඇත )ඕගොල්ලන්ගෙ ආනන්‍යතාව තහවුරු කරල අංකය ඉල්ලගන්න.ආයෙත් පේපෑල් ලොග් වෙලා පරන ක්‍රමයටම කාඩ් එක ඇඩ් අර තැනට ගොස් වෙරිෆයි කාඩ් යන්න ක්ලික් කර බැංකුවෙන් ලබාගත්  කෝඩ් එක සටහන් කර කන්ෆර්ම් කරන්න.දැන් ඔබට කලින් අයකරගත් $ කිහිපය නැවත බැංකු ගිණුමට බැරවේ(මෙය නැවත බැංකු ගිනුමේ පෙන්වීමට දින5ක් පමන ගතවේ,ලැබෙන රී ෆන්ඩ් ද එලෙස දින 5කින් පමන ගිණුමේ පෙන්වයි ) දැන් 3වන පියවර

දැන් අපි ඊ බේ ගිනුමක් හදාගමු මේකෙත් සාමාන්‍ය එකවුන්ට් එකක් හදන විදිහටම හදන්න සත්‍ය තොරතුරු ලබාදෙන්න.පේමන්ට් මෙතඩ් එකට පේ පෑල් එකවුන්ට් එකේ අංකය වන පේපෑල් හැදීමේදී භාවිතාකල ඊ මේල් එකවුන්ට් එකේ නම ලබාදෙන්න ( උදා - abcdefg@abc.com ).දැන් හරි දැන් ඔබේ ඊබේ ගිණුම සූදානම්.

            මම මුල ඉඳන්ම කිව්වට බිංදුවෙ ඉඳන්ම කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ මොකද වයර් 2ක් අමුනගන්න,ධන~සෘණ හරියට බලල විදුලිය උපකරණයකට ලබාදෙන්න වගේ දේවල් ඕගොල්ලො දන්නව කියල හිතනව.මේක ශුද්ධ සිංහලෙන් කියල දෙන්න අමාරුයි(ටයිප් කරන්න එපා වෙනව ) ඒක නිසා සිංග්ලිශ් භාශාවෙන් තමා මේක ලියන්න වෙන්නෙ
හරි දැන් පටන් ගමු...ඉස්සෙල්ලම Components එහෙමත් නැත්තම් සංරචක හඳුනගමු

    ප්‍රතිරෝධක

සාමාන්‍ය සරල ඉලෙක්ට්‍රොනික පරිපථවල දෙවෙනියටම කුඩාම component  (කුඩාම සංරචකය ඩයෝඩ වර්ගයකි ඉදිරියෙදි කියන්නම්)හරස් අතට වර්ණ ඉරි 4ක් සහිත එකකි.මේවා විදුලි සැපයිමට ප්‍රතිරොධයක් ඇතිකිරීමට භාවිතාකරයි.මෙහි අගය ඕම් (Ω) මගින් ගණනය කරයි .
Resistor h wikisch.svg

ⓐ   ─███─                                     ⓑ        ─▊▊▊▊▊─                         ⓒ                                            
                                                                           ↑  ↑ ↑  ↑                                                                            
                                                                           1  2 3  4
  a  හා b  මගින් Resistor වල සංඛේත පෙන්වන අතර c  මගින් Resistor එකෙහි වර්ණ පටි පෙන්වයි . මේකෙ පලවෙනි පටි තුනෙන් මෙහි අගය පෙන්වන අතර හතරවන පටියෙන් එහි උත්ප්‍රේක්ෂා ( Tolerance ) අගය 
පෙන්වයි. 

මුලින්ම මම b විදිහට නම් කරපු පාට 4ක් තියෙන රූප සටහන බලන්න ඒකෙ පලවෙනි වර්ණ 3 වන කහ,දම්,තැඹිලි වර්ණ සලකා බලන්න දැන් පලමු පාට 2කේ අගය සොයන්න කහ-4යි,දම්-7යි මේ දෙක 47(හතලිස් හත ) විදිහට සලකන්න ඊලඟට 3වන පටියේ පාට බලන්න ඒ තැඹිලි පාට ඒකෙ අගය 3යි දැන් අර 47 අගට තැඹිලි පාටට පිලිතුර 4 නිසා බිංදු 4ක් දාන්න එහෙම කරන්නෙ තුන්වන පටියෙන් දහයෙ ගුණාකාර පෙන්නන නිසා .ඒක නිසා තුන්වන පටියෙ පිලිතුර දහයෙ ගුණාකාරයක් විදිහට වැඩිකරන්න ඕනෙ මම උඩ කරපු දේම රූප සටහන්වලින් පෙන්වන්නම් 

  මුලින්ම වර්ණ පටිවල අගයන් ගැන දැනගමු    

     දැන් කොහොමද ගණනය කරන්නෙ?



දැන් ඕගොල්ලන්ට රෙසිස්ටර් එකක අගය මනින්න පුලුවන් කියල හිතෙනව තවත් ලිපියකි හමුවෙමු



Monday, January 7, 2013

ඉලෙක්ට්‍රොනික් මුලසිට


ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙන් පවතින සිංහල බ්ලොග්  ඇත්තේ අතලොස්සකි.එයිනුත් බොහෝ එව්වා දෘඩාංග කොටසට පමනක් ආවරනය කරන අතර තවත් සමහරක්ප්‍රාථමික හැඳින්වීම් වලින් පමනක් සමන්විතය . අපගේ ප්‍රයත්නය සරලම තැනින් පැහැදිලිව ආරම්භකර පික් ප්‍රොග්‍රෑමින් දක්වාත් ඉන් ඉහල තලවලටත් ක්‍රමානුකූලව රැගෙනයාමයි

e bay  මුල ඉඳන්

e Bay අපි කවුරුත් දන්න විදිහට අන්තර්ජාලයෙන් බඩු ගන්න හා විකුණන්න පාවිච්චි කරන වෙළඳපොල අවකාශයක්.මේකෙ  ඇතුලත දිහා බැලුවොත් මේක ඇමරිකානු බහුජාතික සමාගමක් මේකෙන් පාරිභෝගිකයාගෙන් පාරිභෝගිකයාට නැත්තම් ( P to P ) කියන ක්‍රමයට අනුව ක්‍රියාත්මක වන සමාජයක් වගේ එකක්.මේක ස්ථාපිත කිරීමේ ප්‍රධාන පරමාර්තයක් තමයි මංගත තේරෙන විදිහට කිව්වොත් Online වෙන්දේසි පැවැත්වීම ඊට අමතරව භාණ්ඩ විකිනීම හා මිලට ගැනීමත් කරනව. දැනට තියන විශිෂ්ඨම dot-com bubble එකක් .මේකෙ ඉතිහාසය ගැන බැලුවොත් මේක ආරම්භකරල තියෙන්නෙ 1995දී Pierre Omidyar විසින් ebay  එකේදි මුලින්ම විකුණල තියෙන්නෙ කැඩිච්ච ලේසර් එකක්ලු මේ විදිහට ආපු e Bay එකෙන් ගණුදෙනුකරන හැටි ඊලඟ ලිපියෙන් මම කියල දෙන්නම්


 රෝල් ටොප්



අද නව තාක්ෂණය යටතේ මේ දවස්වල ජනප්‍රිය සංකල්පයක් වන රෝල් ටොප් හෙවත් රෝල්කරගෙන යා හකි පරිගණකයක් නිපදවීම පිලිබඳ සංකල්පය කාගෙත් අවදානය යොමුකරගෙන ඇත. මෙය www.myrolltop.com නම් වෙබ් අඩවිය පවත්වාගෙන යන ආයතනය විසින් පවත්වාගෙන යයි.මෙහි ප්‍රධාන වශයෙන් අඟල් 13ක ස්පර්ශක සංවේදී ටැබ්ලට් පරිගණකයක් ලෙස හෝ අඟල් 17ක තිරයක් ලෙස භාවිතාකරන්න පුලුවන් සාමාන්‍ය මිනි නෝට්බුක් එකක පමන බර වන අතර මෙහි ඇත්තේ වැඩිදියුණු කරන ලද තිරයකි.මෙහි මිල පිලිබඳවනම් තවම තොරතුරු හෙලිවී නැත





Sunday, January 6, 2013





ඔයා ආසම පීසී ගේම් එකෙන් මූවි එකක් හදමුද?

 ඔයා ආසම පීසී ගේම් එකෙන් මූවි එකක් හදන්න ආසද?මෙන්න ක්‍රමයක්,ඔයා ප්ලේ කරන ගේම් එක රෙකෝඩ් කරගන්න හොඳම ක්‍රමේwww.wegame.com